#GreenWatch

ශ්‍රී ලාංකීය වී ගොවිතැන කෙරෙහි දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම

සචිත්‍රා රෝසා

දේශගුණික විපර්යාස වල බලපෑම විවධ ශේත්‍රයන් තුලට විහිදී යයි ඒ අතර ලංකාවේ කෘෂි කර්මාන්තයේ ප්‍රධාන බෝගයක් වන වී ගොවිතැනටද ඉන් සිදුවන බල පෑම සුළුපටු නොවේ. විශේෂයෙන්ම නිසි කලට යල මහ කන්න වැසි නොලැඹීම හේතුවෙන් වී ගොවි තැනට සිදුවන තර්ජනය නිසාම ඒ මත යැපෙන ගොවීන්ට වී වගාව තවදුරටත් කරගෙන යාමේ දැඩි අසීරුතාවකට මුහුණ පෑමට සිදු වී ඇත.

මේ සඳහා ආසන්නතම නිදසුන වනුයේ 2024 වසරේ අවසාන මාස කිහිපය තුළ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මහ කන්නයේ වගා කිරීමේ අපේක්ෂාවෙන් සිටි ගොවීන්ට මාසයක ප්‍රමාදයත් සමඟ මහ කන්නයේ වගා කිරීම ආරම්භ කිරීමට සිදුවීමයි. මෙයට ප්‍රධාන හේතුව වූයේ ඔක්තෝම්බර් 15 වන දින සක්‍රීය වීමට තිබූ ඊසාන දිග මෝසම දෙසැම්බර් වන තුරුත් සක්‍රීය නොවීමයි.

නමුත් මෙම කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ උතුරු සහ උතුරුමැද පළාත් වලට දැඩි බලපෑම් ඇති කල කුණාටු තත්ව නිසා හටගත් වර්ෂාවත් සමඟ වගා කටයුතු සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර පිරී යාමෙන් ගොවීන් වගා කටයුතු ආරම්භ කලත් නොසිතූ ලෙස බීජ ප්‍රරෝහණය වන අවධියේදී නැවත ඇතිවූ කුණාටු තත්වය හේතුකොටගෙන පැල වර්ධනය වීමේ අවධානමකට ගොවීන්ට මුහුණ පෑමට සිදු විය.

මේ වනවිට අස්වනු නෙලීම අවසන්ව ඇති අතර ගිය වර්ෂ වල මෙන් නොව මෙවර ආදායම 40%-50% අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ගොවීහු පවසති. එසේම නියමිත කාල සීමාව තුළ වගා කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් ගොයම් පැල රෝග වලට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවකට ලක්ව තිබූ බවත් පෙර වර්ෂ වල මෙන් නොව ගිය වර්ෂ කිහිපය තුළ වාර්ෂික වර්ෂාපතන රටාවේද සැලකිය යුතු වෙනස්කම් නිරීක්ෂණය වූ බවද ගොවීහු පවසති.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් සමස්ථ කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවගේ දෙනික ජීවිතයට සැලකියයුතු බලපෑමක් ඇතිකරන බව පෙන්වා දිය හැකිය.

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.