#GreenWatch

වර්ෂාවත් තර්ජනයක් වූ කෘෂිකර්මාන්තය – මුලික හේතුව තෙත්බිම් ගොඩවිම

සවිසා සිප්සරි – හම්බන්තොට

දේශගුණික විපර්යාසවලට සම්බන්ධ වර්ෂාපතන රටාවන්ගේ සෘජු ප්‍රතිවිපාකයක් ලෙස හම්බන්තොට පල්ලේමළල සහ ආරබැද්ද කුඹුරු ඉඩම් යටවීම හා ප්‍රදේශයේ පහත්බිම් ඇතුළු කුඹුරු යටවීම හේතුවෙන් එය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය හම්බන්තොට මළල මෝදර මෝය කට විවෘත කිරීම පසුගියදා සිදුකරන ලදී.
හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණය යටතේ හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු, ප්‍රාදේශීය නිලධාරීන්, පොලිසිය, ගොවීන් සහ ධීවරයින් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් මේ සදහා සහභාගී වී සිටියහ. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් වෙරළබඩ ප්‍රජාවන් අධික කාලගුණික සිදුවීම්වලට ගොදුරු වීමේ වැඩිවන අවදානම ඉස්මතු කරන ලදී.

සාම්ප්‍රදායික ජලාපවහන පද්ධති ඇහිම මත සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් වර්ෂාපතනයේ වැඩිවීම මත කෘෂිකාර්මික ජීවනෝපායන්ට එය තර්ජනයක් වන තත්ත්වයකට පත්වී තිබේ. කෙසේ නමුත් මේ නිසා සිදුවන හදිසි ගංවතුර සමනය කිරීම සඳහා මෝය කට විවෘත කිරීමට තීරණය කරන ලදී.

තිරසාර ජල කළමනාකරණය සහ දේශගුණික-ප්‍රතිරෝධී කෘෂිකර්මාන්තය සඳහා සහාය ඇතුළුව කලාපයේ දිගුකාලීන දේශගුණික අනුවර්තන උපාය මාර්ග සඳහා හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට දේශගුණික විපර්යාසයන්ගේ සැබෑ බලපෑම් සහ අනාගත අවදානම් අවම කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පණිවුඩයක් ලෙස මෙම සිදුවීම පෙන්වා දිය හැකිය

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.