#GreenWatch

රොන් මඩ පිරී දිනෙන් දින ගොඩ වන මොරගොල්ල වැව

නදීක දයා බණ්ඩාර – මහනුවර

ගම්මාන කිහිපයක කුඹුරු අක්කර සියයකට වඩා වැඩි ප්‍රමාණයකට ජලය නිකුත් කරන මහනුවර මොරගොල්ල වැව, මේ වන විට රොන් මඩ වලින් යට වෙමින් පවතී. මේ හේතුවෙන් වැවේ රැස් කර ගත හැකි ජල ධාරිතාව බෙහෙවින්ම සීමා සහිත වී, වර්ෂා සමයේදී ජලය අපතේ යන බව ගම්වාසීන් සඳහන් කරති.

වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක් පවතින මෙම වැව මගින් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බූටාවත්ත උතුර, බූටාවත්ත දකුණ, නුගලියද්ද ඉහළ, නුගලියද්ද පහළ, ලෑටියගොල්ල, මොරගොල්ල ඇතුලු ගම්මාන කිහිපයක කෘෂිකර්මාන්තයට ජලය සපයයි.

වර්ෂ 10ක පමණ කාලයකින් මෙම වැව ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්, ඉකුත් පාලන සමයේදී වාරි සෞභ්‍යාගා වැඩ සටහන යටතේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 06ක වියදමින් රොන් මඩ ඉවත් කිරීමට සැලසුම් කළ නමුත් එය ඉටු නොවූ බව ද ගම්වාසීන් සඳහන් කරති.

පිහිඹියකැලේ රක්ෂිතයේ සිට ගලා බසින උල්පත් ජලයෙන් පෝෂණය වන මෙම වැව මගින් පවුල් 500කට අධීක පිරිසක් වගාව හා ජානීය ජල අවශ්‍යතාව සපුරා ගනී. එනමුත් රොන් මඩ පිරීම නිසා ජල ධාරිතාව සීමාවීමෙන් නියං සමයේදී තමන් දැඩි අසීරුතාවයට පත් වන බවත්, බොහෝ අවස්ථාවලදී වගාවට පවා ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වන බවත් ගම්වාසීන් සඳහන් කරති.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අඩි 30ක් පමණ ගැඹුරැති මෙම වැවේ, රොන් මඩ ඉවත් කොට වැව පැවැති තත්ත්වයට පත් කරන මෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.