#GreenWatch

පරිසර දිනට සමගාමීව මහනුවර නගරයට පැමිණෙන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කෙරේ

නදික දයා බණ්ඩාර – මහනුවර

ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මහනුවර නගරයට පැමිණෙන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තෙදින වැඩසටහනක් මහයියාව, ගැටඹේ හා තැන්නේකුඹුර යන ස්ථානවලදී පැවැත්විණි.

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වායු විමෝචන අංශය, මහනුවර දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.

Safe and Clean Transport යන තේමාව යටතේ පිවිතුරු හරිත නගරයක් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් උදෙසා මෙම වැඩසටහන සංවිධාන කළ බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් සමන්ති රත්නායක මහත්මිය ප්‍රකාශ කළාය.

මගී ප්‍රවාහන පොදු බස් රථ, රජයේ වාහන මෙන්ම පුද්ගලික වාහන ද මෙහිදී පරීක්ෂා කිරීමට ලක්වූ අතර වයු විමෝචන පරීක්ෂාව, වාහන මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න ආදිය මෙහිදී පරීක්ෂා කිරීමට ලක්විය.

ධාවනයට නුසුදුසු වාහන සඳහා සිදු කර ගත යුතු නඩත්තු හා අලුත් වැඩියා සම්බන්ධ  උපදෙස් ලබා දුන් බවත් එවැනි වාහනවල සති තුනක් වැනි කාලයක් තුළදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙන්විය යුතු යැයි  වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මොටර් රථ වාහන පරීක්ෂක පද්මික සේනානායක මහතා පැවසුවේය.

පරීක්ෂා කරන ලද වාහනවලින් පෙට්‍රල් වාහන 10%ක් පමණ සහ වීසල් වාහන 80%ක් පමණ වායු විමෝචන පරීක්ෂාවෙන් අසමත්වූ බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

Share this message on your Social Network

Rahul Sharma

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.