#ClimateGallery #GreenWatch

දේශගුණික විපර්යාශයන් නිසා කැළබෙන කාලගුණය

දින කීපයක සිට  දිවයිනේ ප්‍රදේශ ගණනාවකට  පවතින අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස වලට හා මාර්ගවලට  ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි රෑන් වලට සහ නිවාස හා දේපල වලට දැඩි ලෙස හානි තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ  මහව ගල්ගමුව පොල්ගහවෙල කුරුණෑගල වීරෙමු ගෙදර රිදීගම මාස්පොත   වාරියපොළ ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක නිවාස සහ දේපල හානි 66 ක් වාර්තා වී ඇති අතර පවුල් විසිපහක සාමාජිකයින් සියයකට අධික පිරිසක් සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  වෙත වාර්තා වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා පවසා සිටියේය.

මේ වනවිට ආපදාවට ලක්වී ඇති ජනතාවට සහන සැලසීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සහන සේවා මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන විදුලිබල මණ්ඩලය ටෙලිකම් ආයතනය දැව සංස්ථාව සඳහා  අවදානම් තත්ත්වයේ ඇති ගස් ඉවත් කිරීමට හා කඩා වැටුණු ගස් ඉවත් කිරීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි සිදුවෙමින් පවතී.

 එමෙන්ම පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු තුනක්  (03) විවෘතව පවතින  බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය  සඳහන් කළේය.

ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු   තුනක්,  අඩි 2 අඟල්  3″ බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 6,600 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව එම කාර්යාලය  වැඩිදුරටත් පැවැසීය.

පවතින වර්ෂාව අනුව දොරටු විවෘත කරන බැවින් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා  මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම කාර්යාලය  වැඩිදුරටත් පැවැසීය.

එස්. රාජපක්ෂ – මහනුවර

Share this message on your Social Network

Rahul Sharma

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like

#ClimateGallery

Lonely Street Companion

#ClimateGallery

Beauty of environment

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.