#ClimateGallery #GreenWatch

ජගත් පරිසර දිනට සමගාමිව මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවට පත් කෙරේ

ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර කටයුතු අමාත්‍යංශය මගින් දියත් කොට තිබේ.

එහි සමාරම්භය පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී අද (05) ක්‍රියාත්මක වූ අතර “ පරිසරය හිතැති දුම්රිය ස්ථානයක් ” සංකල්පය යටතේ උඩරට මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන සදහා කසළ රැස් කිරීමේ බදුන් ප්‍රදානය කිරීම ද එහිදී සිදුවිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර දින සැමරුම දියත් වූ අතර දුම්රිය ස්ථාන වෙත ලබාදීම සඳහා දැන්වීම් පුවරු භාරදීම, ප්‍රතිසංස්කරණය කරන දුම්රිය ස්ථාන සඳහා තීන්ත ඇතුලු අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම සහ පරිසර අංශයේ ප්‍රකාශනයක් වන “මැදරට සොබා සගරාව ” එළිදැක්වීම එහිදී සිදු කෙරිණි.
මහනුවර දුම්රිය ස්ථානයේ වේදිකා අංක 1,2 හි “පරිසර හිතැති දුම්රිය ස්ථානයක් ” පාරිසරික ඡායාරූප හා වැකි ඇතුලත් ප්‍රදර්ශනය විවෘත කිරීම  මෙහිදි සිදුකරන ලදී.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසුරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අයි.ඩබ්ලියු.එම්.සී.කේ.ඉලංගකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

එස්. රාජපක්ෂ -මහනුවර

Share this message on your Social Network

Rahul Sharma

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like

#ClimateGallery

Lonely Street Companion

#ClimateGallery

Beauty of environment

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.