
කෝසල ගුණවර්ධන
යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කරන බව නීතිපතිවරයා මාර්තු මස 06 වන දින අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදි.
යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස දැනුම් දෙන ලදි. පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මස 06 වන දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම්දීමක් සිදුකළාය.
මෙම පෙත්සම අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණි.
එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේදී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අභිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියේය.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියේය.
ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය ඉදිරියේදී වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේය.
ඉන් අනතුරුව පෙත්සම ජූලි මස 05 වන දා යළි කැඳවීමට නියම වුණි.
එම සිදු වීම සමග ම පසුගිය සමයේ සිට මීදුමෙන් පිරී ගිය පරිසරයද, පරිසරයේ ඇති ශීත ස්වභාවයද උදෑසන කාලයේ මිනිස් සිත්වලට එක් කරන ලද්දේ සනීපවත් සුන්දරත්වයකි. මතුපිටින් සුන්දර මීදුමක් ලෙස දුටුවද මෙහි ඇති අභ්‍යන්තර කතාව සුන්දර නොවූවකි. සැබවින්ම මෙලෙස උදෑසන කාලයේ අපට දැකගත හැකි වන්නේ මීදුමක් නොව, ශ්‍රී ලංකා වායුගෝලයේ ඇතිවූ වායු දූෂණ තත්වයේ ප්‍රතිඵලයකි. වෙනදා මෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම සහ තරමක් අඳුරු අහස් කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්ව පැවතීම නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් කොළඹ නගරයේ මේ තත්වය වැඩි වශයෙන් පවතින අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලද වායුගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම පසුගිය ඔක්තෝබර් 27 වැනි දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.
පසිගිය පෙබරවාරි මාසය වන විට අමෙරිකානු වායු තත්ව දර්ශකයට අනුව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 – 150 අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
2020 සිට 2025 දක්වා ගත වූ වසර 5 තුල අපට මෙම දර්ශකය අනුව සැම දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලය තුල මෙම වායු දූෂණ තත්වය ඉහල ගොස් ඇති අතර මෙය රටාවක් ලෙස සිදු වී ඇත.
අපි ජීවත්වන ලෝකය දිනෙන් දින වෙනස් වෙමින් පවතී. එමෙන්ම කිසිදා නොපැවති ලෙසින් දැන් ගත වන එක් වසරකට අපගේ වටපිටාව, කාලගුණය සහ පාරිසරික පද්ධති මොහොතින් මොහොතට වෙනස් වේ. මේ වෙනස්කමට ප්‍රධාන හේතු අතරින් වාහන වලින් පිටවෙන දුම් හරහා සිදු වන වායු දූෂණය මෙම පාරිසරික වෙනස්කම් වලට වැදගත් බලපැමක් සිදු කරනු ලබයි.
අප නිරන්තරයෙන් දක්නට ලැබෙන වාහන වර්ග සහ භාවිතා කරන වාහන ලෙස මෝටර් රථ, බස් රථ, ලොරී, වැනි වාහන හඳුවාදිය හැක. සම එම වාහනවලින් පිටවෙන දුම්, අපගේ වායුගෝලය පිළිස්සුමට පත් කරන ප්‍රධාන හේතුන්ගෙන් එකකි. මේවා මගින් වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් (CO₂), නයිට්‍රස් ඔක්සයිඩ් (N₂O), මීතේන් (CH₄), සහ අවිෂ වායු වායුගෝලයේ උෂ්ණත්වය වැඩි කරන Greenhouse Effect එක වැඩි කිරීමට බලපානු ලබයි.
වාහන දුම් වලින් පිටවෙන ප්‍රධාන වායු වර්ග කිහිපයක් පවති. එලෙස වාහන වලින් පිටවෙන වායු කිහිපයක්ම තිබේ, නමුත් පහත දැක්වෙන වායු වර්ග විශේෂිත වේ. මෙහි කාබන් ඩයොක්සයිඩ් (CO₂) වායුව මූලික වේ. මෙම වායුව ඉන්ධන දැවීමේ ප්‍රධාන අතුරුනිෂ්පාදනයක් වේ. අනතුරුව නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) වායුව කැපී පෙනෙයි. මෙම වායුව වායුගෝලීය කාබන් සංයෝග වැඩි කිරීමට ඉවහල් වේ. එමෙන්ම මීතේන් (CH₄) වායුව ද ඉතා ප්‍රභල ලෙස මෙම ක්‍රියාවලියට දායක වේ. මෙම වායු වායුගෝලයේ උණුසුම රඳවා තබා, භූමිය සහ සාගරය හි උණුසුම වැඩිවෙමින්
මෙම වාහන දුම් හරහා දේශගුණික විපර්‍යාසයට ඇති බලපෑම පිළිබඳව සාකච්චා කල යුතු වේ.
ගෝලීය උණුසුම (Global Warming) මෙහි ප්‍රධාන කාරණයක් වේ. වාහන වලින් පිටවන CO₂ වායුව වායුගෝලයේ උෂ්ණත්වය අධික කරයි. පසුගිය සියවස තුළ, ගෝලීය උෂ්ණත්වය °C 1.1 කින් වඩා ඉහළ ගොස් ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. වාහන දුම් මේ උණුසුමට විශාල මට්ටමක දායක වේ.
තවද මෙහි බලපෑම කාලගුණ රටා වෙනස්වීම සඳහා බලපානු ලබයි. වැසි කාලයන්හි වැසි ලැබීම් රටාව වෙනස්වීම දක්නට ලැබෙයි. ගිගුරුම් කුණාටු තත්ව සහ දීර්ඝ කාලීන වියළි කාලගුණ තත්ව ඇති විමට වාහනවල සහ අනෙකුත් මිනිස්කෘත වායු මුදාහැරීම ප්‍රධාන ලෙස බලපානු ලබයි. මේ නිසා කෘෂිකර්මය, ජල සම්පාදනය සහ ජීව විවිධත්වය යන කාරණා සඳහා බලපෑමක් ඇති වෙයි.
සාගර මට්ටම ඉහළ යාම ද කැපී පෙනෙන අංගයකි. පෘථිවියේ උෂ්ණත්වය වැඩි වීම නිසා ග්ලැසියර් දියවීම සිදුවෙයි. මේ මඟින් සාගර මට්ටම ඉහළ යයි. ශ්‍රී ලංකා වැනි දූපත් රටවල් සඳහා මෙය දැඩි අවදානමක් වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන සංක්‍යාව 2023 වසරේදී මුළු වාහන සංඛ්‍යාව: 8,367,213 ක් ලෙස සඳහන් කර ඇත. 2024 වසරේදී එය 2023 ට සාපේක්ෂව 176% කින් වර්ධනය වී ඇත.
දිගුකාලීනව දේශගුණික විපර්‍යාසවලට මුහුණදීම සඳහා වාහනවලින් නිකුත් වන දුම් පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙයට ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් දැනට ලෝකයේ භාවිතා වේ.
- විදුලි වාහන භාවිතය වර්ධනය කිරීම. විදුලි වාහන (Electric Vehicles) භාවිතය තුළින් CO₂ වායු නිකුත් වීම දැඩි ලෙස අඩු කළ හැකිය.
- මහජන ප්‍රවාහන පද්ධතිය වර්ධනය කිරීම. දක්ෂ, වේගවත් සහ විශ්වසනීය මහජන ප්‍රවාහන ක්‍රමයකින් පුද්ගලික වාහන භාවිතය අඩු කළ හැකිය.
- වාහන නඩත්තු සහ දුම් පරීක්ෂණ නිසි පරිදි ක්‍රමානුකූලව සිදු කිරීම. වාහන සඳහා නියමිත ලෙස දුම් පරීක්ෂණ සිදු කරමින් අවිෂ වායු නිකුත් වීම අවම කළ හැකිය.
- උචිත නීති සහ ප්‍රවර්ධන කිරීම සහ ප්‍රතිපත්තිමය කාරණා රට තුල නිර්මාණය කිරීම. වායු දූෂණය අඩු කිරීමට රජය සහ පෞද්ගලික ආයතන එක්ව නව නීති, සහ ව්‍යාපෘති ආරම්භ කළ යුතුය.
කෙසේ වෙතත් කාලගුණික සහ දේශගුණික විපර්‍යාස සඳහා මෙම වායු දූෂණය ප්‍රධාන ලෙස බලපාන බව අපට පැහැදිලි ව දක්නට ලැබෙයි. එමෙන්ම අධික ලෙස වාහන පරිභෝජනය සහ නිසි නියාමනයක් නොමැති වීම ද ප්‍රතිපත්තිමය වශයෙන් මෙම කාරණා පිළිඹඳව තවමත් නිසි අවබෝධයකින් තොරව කටයතු කිරීම යන කාරණා මේ සඳහා බලපානු ලබයි.
නමුත් යාපනය වායු දූෂණයට අදාලව එළඹෙන ජුලි මාසයේ පැවැත්වෙන නඩු විභාගයදී මේ පිළිඹඳව රජයේ ක්‍රියාමාර්ග සහ වාර්තාව පිළිබඳව තොරතුරු අනාවරණය වීමට නියමිත වේ.



