#GreenWatch

ශ්‍රී ලංකාවේ වගාව අත්හැර දමා ඇති වර්තමානයේ බහුලව වාර්තා නොවන යයි සැළකු සින්කෝනා ශාක අඹගමුව, අලියාගල කඳු වැටියෙන් සොයා ගැනේ…

ශ්‍රී ලංකාවේ වගාව අත්හැර දමා ඇති වර්තමානයේ බහුලව වාර්තා නොවන මැලේරියාව සඳහා වඩාත් ඵලදායී ඖෂධය වන ක්විනීන් සැකසීමට භාවිත කරන ඖෂධීය ශාකයක් වන සින්කෝනා ශාක විශේෂයට අයත් හොඳින් වැඩුණු ශාක කිහිපයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, අලියාගල කඳු වැටියේ බටහිර බෑවුම්වලින් සොයා ගැනීමට හැකි වූ බව පරිසරවේදී ලක්ෂ්මන් කුමාර සඳහන් කරයි.

වසර 150කට පමණ කාලයකට පසු වාර්තා වූ මෙම සින්කෝනා ශාක බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් 1861 දී හග්ගල උද්භිද උද්‍යානයේ සහ ඒ අවට ප්‍රදේශවල  වගා කර කෙටි කාලයක් තුළ එය අතහැර දමා ඇත. අතර මෙරට වගාව අත්හැර දමා ඇති වර්තමානයේ බහුලව වාර්තා නොවන  විශේෂයකට අයත් වූ සිංකෝනා අතර එක් ශාකයක් පමණක් නුවරඑළිය හග්ගල උද්භිද උද්‍යානයේ සංරක්ෂණය කර තබේ.

මැලේරියා උණ තත්වය හේතුවෙන් ඉපැරණි දකුණු ඇමරිකානු සාම්ප්‍රදායික බෙහෙත් වට්ටෝරුවක් මුල්කර ගනිමින්, ඵම වසංගත තත්වයෙන් මිදීමට, වර්ෂ 1638දී සොයාගත් ක්වීනීන් (Quinine) යොදාගැනීම සිදු වුණා.වර්ෂ 1820දී ක්විනීන් හි, ක්‍රියාකාරී සංයෝගය හඳුනාගැනීමෙන් පසු, මෙය මැලේරියා උණ මර්දනයට සෘජුවම යොදාගැනීමට ලක් කළ හැකි වීම  ඊට මද සහනයක් වූවා. නමුත් මෙම ක්විනීන් ලබාගැනීම සිදුකරණු ලැබූයේ සිංකෝනා ශාකයක් ආශ්‍රිතව වීම විශේෂත්වයයි.

යටත්විජිත සමයේ ෙකෝපි (Coffea arabica) වගාව, එකල සීග්‍රයෙන් පැතිරුණ ‘ හෙමලියා වෙස්ටර්ට්‍රික්ස් ‘( Hemilia vestratrix) දිලීරය හේතුවෙන්,  වගා විනාශය සිදුවීම වලක්ගත නොහැකි විය. එයට විකල්පයක් ලෙස කොකෝවා ( Theobroma cacao) වගාවට වගාකරුවන් යොමුවිය.මෙකල ලොව පැවති මැලේරියා වසංගත තත්වය හමුවේ, Quinine භාවිතය හේතුවෙන් ,එය නිස්සාරණයට යොදාගන්නා ශාකයක් ලෙස සිංකෝනා ( Cinchona) වගාවක් ලෙස උපයෝගී කොට ගැනීමට අවස්ථාවක් ඇත්දැයි ශ්‍රී ලංකා තුලද සොයා බලන ලදි.

 ඒ අනුව වර්ෂ 1861දී නුවරඑලිය – හග්ගල උද්භිද උද්‍යානයක් ආරම්භකොට,  මුලින්ම එහි දකුණු ඇමෙරිකාවෙන් ගෙන්වන ලද සිංකෝනා විශේෂයක් වන රතු පොත්ත සහිත, Cinchona succirubra ශාක එහි සිටුවන ලදි. එම වගාව ඉතා සාර්ථක වූ අතර, කෝපි වගාව අතහැර දමා වගාකරුවන් සිංකෝනා වගාවට යොමුවූයේ, එකල ලෝක  වෙළදපොල තුල තිබු ඉහල ඉල්ලුම හේතුකොට ගෙනයයි. 

මෙම වගාව හේතුවෙන් ඔවුන් ඉතා හොද ආදායමක් ලබු ගත් අතර, වගාව කඳුකරය ආශ්‍රිතව හොදින් පැතිරීම සිදුකරණු ලැබීය. කල්ගත වත්ම සිංකෝනා විශේෂ කීපයක්ම රටේ විවිධ ප්‍රදේශවල වගා කිරීම සිදුවිය.වර්ෂ 1894 පමණ වන විට සිංකෝනා වගාව ක්‍රමයෙන් පහත වැටීම සිදුවූ අතර. එයට මුලිකව බලපානු ලැබූවේ, ලෝක වෙළදපොල තුල සිංකෝනා පොතු  මගින් නිපදවූ ක්විනීන් වල මිල පහළ යෑම සහ,  මැලේරියා වසන්ගතය තරමක් දුරට පාලනය වීම හේතුවෙන්  ක්විනීන් වල ඉල්ලුම අඩුවීම සිදු වූවා. පසුව වර්ෂ 1910දී සිංකෝනා වගාව මුළුමනින්ම අතහැර දමා, එකල අධි ඉල්ලුමක් තිබූ තේ වගාව සදහා වගාකරුවන් යොමු විය.

ඒ අනුව මුලදී වගාවට උපයෝගී කොට ගත් සිංකෝනා ශාක  විශේෂයන් කීපයක් අදටත්  රට තුල විවිධ   හමුවන අතර, ශ්‍රීපාද රක්ෂිතය සාමිමලේ (අප්කට්), උඩපුස්සැල්ලාව, රිවස්ටන්, කෝබට්ස් ගැප්, බදුල්ල – නාරංගල,  කඳපොල හි ද,  ලංකාවේ මුල් ශාක නිදර්ශක (C.s ) සහිත, මුලින්ම වගාකළ නුවරඑළිය හග්ගල උද්භිද උද්‍යානයේද  සිංකෝනා ශාක කීපයක් දැක ගැනීමට හැකියි.

අප විසින් සිදු කළ අධ්‍යයනයේදී, මුහුදු මට්ටමේ සිට උස මීටර 742 උසකදී හමුවූ හොදින් වැඩුණු ශාක 6කින් යුත් නිදර්ශකය Cinchona officinalis ( Rubiaceae) ලෙස හදුනා ගැනීමට හැකි විය. බොහෝවිට මෙය, වැළලී යන අතීත වගාවක සහ වැඩි අවධානයක් ලක් නොකරණ ලද සිංකෝනා ශාක ගොන්නක, දර්ශීයව ශේෂ වී ඇති එකම ශාක ගහණය විය හැකි යයි පරිසරවේදී ලක්ෂ්මන් කුමාර සඳහන් කළේය.

(සංකච්ඡා කළේ – එස්. රාජපක්ෂ)

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.