#GreenWatch

අධික වර්ෂාව නිසා කලාතුරකින් හටගන්නා හතු විශේෂයක් ගල්ලෙන් ජාත්‍යන්තරයට

සජීව විජේවීර

ලෝකයේ ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන හතු විශේෂයක් ගාල්ලේ හපුගල පිහිටි මාධ්‍යවේදී නිවසකින් සොයාගැනීමට හැකි වූ බව ජාත්‍යන්තර Ceylon Journal of science සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.

මෙම හතු විශේෂය මුල් වරට සොයාගෙන ඇත්තේ මැලේෂියාවෙනි. ඉන් පසු මැඩගස්කරයෙන් ද වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් මීට පෙර වාර්තා වී තිබුණේ 1919 වර්ෂයේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උණපදුරු අතර තිබිය දී ය. ඉන් පසු ශ්‍රී ලංකාවේ දී වාර්තා නොවූ මෙම හතු විශේෂය 2023 වර්ෂයේ අධික වර්ෂාවත් සමඟ ගාල්ලේ හපුගල පදිංචි මාධ්‍යවේදී යුවළක්වන සජීව විජේවීර සහ සිරංගිකා ලොකුකරවිට දෙදෙනාගේ නිවසේ මිදුලේ හටගෙන තිබිණි.

පර්යේෂකයන් පවසන්නේ අධික වැසි සමයේ දී පමණක් මෙම හතු හටගන්නා බවයි. අධික දුර්ගන්ධයකින් යුතු මෙම හතු විශේෂය රෝස සහ රතු පැහැතියි. පුරුෂ ලිංගයක හැඩය ගන්නා මෙහි ඇති දුර්ගන්ධය නිසා නිල මැස්සන් මෙයට ආකර්ශනය වන අතර හත්ත තම වර්ගයා බෝකරනු ලබන්නේ එම මැස්සන්ගේ ආධාරයෙනි.

මුටිනාස් බුම්බුසිමාස් (Mutinus bambusinus) ලෙස උද්භිද විද්‍යාත්මකව නම්කර ඇති මෙම හතු විශේෂය ගාල්ලෙන් සොයා ගැනීම සම්බන්ධ පර්යේෂණය සිදුකර ඇත්තේ භාතිය ‍ගොපල්ලව, දීප්ති යකන්දාවල, සජීව විජේවීර, ජී.කේ.අයි.එස්.මාදොළ, එන්.කේ.බී.අධිකාරම් යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම හතු විශේෂයට මුටිනාස් බුම්බුසිමාස් යන උද්භිද විද්‍යාත්මක නම ලබා දී ඇත්තේ එම හතු වශේෂය උණගස් ආශ්‍රිතව වැවෙන විශේෂයක් යැයි විශ්වාස කරමින් වුව ද ගාල්ලේ දී මෙම හතු සෙ‍ොයාගත් ස්ථානය ආසන්නයේ හෝ උණගස් සහිත පරිසර පද්ධතියක් නොමැති වීම විශේෂත්වයකි. එම ස්ථානයේ කොස් ගස් ඇති අතර, ලේන තැරි වර්ගයේ දේශීය පුවක් ගස් කිහිපයක්, සාදික්කා ගසක්, ස්වභාවිකව නොවන ගෙනවිත් දැමූ ගල් කැබලි කිහිපයක්, දිරා යන දර කොටන් කිහිපයක්, විසිතුරු මල් බදුන් කිහිපයක් දක්නට ලැබෙයි. එමෙන් ම එහි ඇත්තේ වර්ග අඩි 10කටත් අඩු කුඩා තුරු වදුලක් පමණි. නමුත් ඉතා තද සෙවණක් සහිතය. එක දිගට දින කිහිපයක් වැස්ස පවතින විට කුඩා බෝල මෙන් හතු මතු වී එය පැලී හත්ත දිග හැරී දැඩි දුර්ගන්ධයක් නිකුත් කර පර වී යයි හතතේ දුර්න්ධයට පැමිණෙන නිල මැස්සන් එම හත්ත ප්‍රචාරණය කරන බව විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දිලීර වර්ග 25,000ක් පමණ පවතින බවයි. නමුත් ඉන් 2,500ක් වත් මෙතෙක් හඳුනාගෙන නැත. ඒ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ සිදුකර නැත. මේ නිසා මෙරට හඳුනානොගත් දිලීර වර්ගවලට වඩා හ‍ඳුනා නොගත් දිලීර වර්ග 10 ගුණයක් පමණත තිබේ. මේ හතු වර්ගය ද සොයාගෙන ඇත්තේ ඒ පිළිබඳ හදිසියේ ම ඇති වූ උනන්දුව හේතුවෙනි

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.